Windows වල කරන වැඩ Mac වල කරමු (Office Packages)

මේක ගොඩක් යට තියන ප්‍රශ්නයක්! Windows වල කරන වැඩ Mac OSX වල කරන්න පුලුවන්ද? උත්තරය බොහොම සරලයි ඔව්! ඔක්කොම වගේ වැඩ කරන්න පුළුවන්.
මේ ලිපියේ මම කියන්න යන්නේ Mac OSX වල ස්ථාපනය කරන්න හොඳ මෘදුකාංග ටිකක්. මේ මෘදුකාංග පාවිච්චි කරල ඕගොල්ලන්ට Windows වල වැඩකරන විදියටම හෝ ඊටා ගොඩක් සමාන විදියට ඕගොල්ලන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න පුළුවන්.

Office packages  
ගොඩක් අය කියන දෙයක් තමයි, Mac OSX වල හදන Documents (documents, presentitons, spread sheets)  Microsoft office එකෙන් බලන්න බැහැ කියන එක. ඉස්සරනම් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බ, එත් දැන් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව පාව්ච්චි කරන්න පුළුවන්.

කෙටියෙන් කිව්වොත් Microsoft Office වගේම මෘදුකාංග මාලාවක් ඇපල් වලටත් තියනව. Apple iWorks තමයි මේ package එකේ නම. iWroks package එක මෘද්දුකාංග තුනකින් සමන්විත වෙනව .  ඒවා නම් වශයෙන්,

  • Pages
  • Numbers 
  • Keynote

මේවල ක්‍රියාකාරිත්වය බොහෝ දුරට Word , Exel , PowerPoint වලට සමානයි. තවත් සමහර කාර්යාලීය වැඩ වලට Microsoft office ම ඕන වෙන වෙලාවල් තියනව. එහෙම අවශ්‍යතාවයක් තියනවා Microsoft office ම ස්ථාපනය කරගැනීමේ හැකියාව දැන් ඇපල් පාරිබෝගිකයන්ට තියනව.  

Source:
http://www.apple.com/iwork
http://www.microsoft.com/mac/products








0 comments:

Post a Comment

techkatha.com