ඇපල් පරිගණක සහ උපාංග


අද මම ඔගොලොල්ලන්ට කියන්න යන්නේ ඇපල් පරගණක ගැන කෙටි විස්තරයක්. කෙටියෙන්ම කිව්වොත් ඉතින් අපි  අතරේ ඉන්න ගොඩක් අය  ඇපල් කිව්ව ගමන් කියන්නේ "අපෝ ඇපල්ද බොරු ගාන විතරයි, කිසිම වැඩක් නැහැ. බොරු සෝබනේටනම් හොඳයි"  කියලනේ. 


ඒවුනාට මෙතන අපි නොදැකින ලොකු පැත්තක් තියනවා! සරලවම කිව්වොත් ඇපල් වල පාවිච්චි කරන දෘඩාංග (Hardware) ඉතා උසස් ප්‍රමිතියෙන් නිර්මාණය කරපුව. ගොඩක් ඇපල්  පාවිච්චි කරන කට්ටිය කියන කතාවක් තමයි අනිත් පරිගණක වගේ නෙමෙයි, මේවල දෝෂ අඩුයි කියන එක. ඒකට  තියන සරලම පැහැදිලිකිරිම තමයි ඔවුන්ගේ උසස් ප්‍රමිතියේ දෘඩාංග (Hardware). ඉතින් මේ ප්‍රමිතියට හදනකොට ගාන වැඩි වෙන එක අහන්න දෙයක් නෙමෙයි!


ඇපල් සමාගමෙන් මේවෙනකොට නිර්මාණ රාශියක් වෙළඳපොළට ඉදිරිපත් කරල තියනව. මේවලින් කිහිපයක් තමයි,
  • MacBook
  • iPod 
  • iPad
  • iPhone
  • Mac mini
  • iMac

ලංකාවේ ගොඩක්ම ඇපල් පාව්ච්චි කරන්නේ ග්‍රැෆික් නිර්මාණ කරුවන් තමයි. ඊට අමතරව සංගීත නිර්මාණ කරුවන් සහ වියාපාරිකයින්  කිහිප දෙනෙකුත් පාවිච්චි කරනව දැකල තියනව. iPhone සහ iPod නම්  ඉතින් සුලබව දැකිය හැකී.

ඊළගට අපේ ගොඩක් යාලුවන්ට තියන ප්‍රශ්නයක් තමයි, ඇපල් වලින් Windows වල කරන වැඩ කරන්න පුලුවන්ද කියන එක. ගොඩක් IT කරන අපේ යාලුවන් උනත් ඉතින් මෙතනදී කියයි, Windows වල කරන වැඩ ඔක්කොම Mac OSX වල කරන්න අමාරුයි කියල. ඒවුනාට මමනම් මේ අදහසට එකපාරම එකඟ වෙන්නේ නැහැ. මොකද Windows වලට තියනවටත් වඩා ගොඩක් දියුණු, නවීන මෘදුකාංග Mac OSX වලට තියන නිසා. මේ ගැන දීර්ග විස්තරයක් වෙනම ලිපියකින් ලියන්න හිතන් ඉන්න නිසා මම මෙම මෘදුකාංග ගැන දැන්මම කතා කරන්න යන්නේ නැහැ.

අපි මෙහෙම බලමුකො. ඇත්තටම සමහර මෘදුකාංග තියනවා කිසිසේත්ම Mac OSX වල වැඩ නොකරන ඒවා. මේ වගේ වේලාවකදි ඇපල් පරිගණකයක් Windows දාල Dual boot වෙන්න හදාගන්න පුලුවන්.මෙම ක්‍රමය ඇපල් සමාගමින්ම හදපු මෘදුකාංගයකින් ලේසියෙන්ම කරගන්න පුලුවන්. 

අදට මෙච්චරයි! ඉදිරි ලිපිවලින් සවිස්තරාත්මකව මෙම සේවාවන් ගැන කතාකරන්න බලාබොරොත්තු වෙනවා.

ජය වේවා! 




0 comments:

Post a Comment

techkatha.com