ADSL ගැටලු විසඳා ගනිමු.

අද මම කියන්න යන්නෙ අපේ ADSL පාවිච්චිකරන යාලුවන්ට, ඒගොල්ලගෙ connection එකේ තියන පොඩි පොඩි ගැටලු විසඳ ගන්න ක්‍රම කිහිපයක්.


මම මුලින්ම කියන්නම් ADSL කියන්නෙ මොනවගේ  තාක්ෂණයක්ද කියල.


මේක කෙටියෙන්ම කිව්වොත් last mile technology එකක්, ඒවගේම මේක wire line එකක්. ඒක නිසා බොහෝ දුරට ස්තාවර සේවාවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.


* මොකක්ද මේ last mile technology කියන්නෙ (වැඩිදුර කියවන්න) - http://en.wikipedia.org/wiki/Last_mile


දැන් අපි කතා කරමු අපට ADSL බාවිතා කරනකොට එදිනෙදා බලපාන ගැටලු ගැන.


  • වේගය අඩුවීම 
  • නිතර විසංධිවීම
  • දුරකතන ඇමතුමක් ගන්නාවිට විසංධිවීම
  • සම්බන්ද නොවීම පැවතීම
මේ වගේ සමහර ගැටලු අපිට තනිවම විසඳගන්න පුලුවන්, මෙන්න ඒවාට විසඳුම්!


වේගය අඩුවීම - 

මෙයට හේතු කිහිපයක් බලපෑ හැක -
  • Exchange එකේ සිට තිබෙන දුර වැඩිවීම. (පොතට අනුව (theory) මෙය 2.5KM ක අරයකින් පැවතිය යුතුය. ඒවුනාට මය 5KM ගියත් හොඳින් වැඩකරන ප්‍රදේශ නැතුවාම නොවෙයි!
  • copper cable  එකේ පලුදු වීම්.
  • නිවසේ splitter,cables වල ඔක්සඩ් බැඳී තිබීම.
ඉහත තුන්වැන්න තමා විසින්ම නිවැරදි කරගත හැක.


නිතර විසන්ධි වීම


මෙයට ප්‍රධානතම හේතුව විය හැක්කේ splitter එකේ ඔක්සඩ් බැඳිමයි, ඒවගේම ඔබගේ නිවසේ එක් දුරකතනයකට (phone unit) එකකට වඩා ඇත්නම්, ඒවාට splitter යොදන්න.


දුරකතන ඇමතුමක් ගන්නා විට විසංදිවීම - 




මෙය බොහෝවිට micro-filter එකේ හෝ splitter එකේ දෝශයක් විය හැක. මෙම උපකරන දෙක්න් එකක් මාරු කිරිමෙන් මෙම තත්වයා විසඳා ගත හැක. (එක් දුරකතනයක්නම් splitter එක පමනි).


සම්බන්ද නොවීම පැවතීම - 




මෙය ඔබගේ modem එකේ/ router එකේ දෝශයක් හෝ settings වල ප්‍රශ්නයක් විය හැක. modem/router එකේ settings නැවත සාදා වැඩ නොකරනවානම් ඔබගේ සේවා දායකයා අමතන්න. 




ඔබ ඔබගේ පැත්තෙන් වරදක් නැතැයි සිතෙනවානම් මෙම ක්‍රම භාවිතා කිරීමට නොකර සේවා දායකයා අමතන්න! 
                                                   
ADSL Splitter - 








ADSL Micro-filter - 

2 comments:

කිඩෝ said...

හොදා හොදා හොද බ්ලොගියක් වගේ ඉස්සරහට බලමුකෝ අයියා බුකි ඉන්නවද ඉන්නවනං එන්න මේ ගෘපියට එන්න ඔබට ජය

ITBlog said...

ස්තූතියි! :)

Post a Comment

techkatha.com